Saturday 27th of April 2024

English Tamil
Advertiesment


Colombo fashion week ඇරඹෙයි


2021-11-12 7878

 

(ලුම්බිණි ප්‍රමෝද්‍යා)

 

Colombo fashion week විලාසිතා ලෝකයේ නව මාවත් විවර කරන්නා වු විලාසිතා කර්මාන්තය ප්‍රමුඛ කොටගෙන ඉතා සාර්ථක අන්දමින් වාර්ෂිකව දෙවරක් සිදුකරනු ලබන වැඩසටහනකි. එහිලා වු මූලික අරමුණ වනුයේ ශ්‍රී ලාංකේය විලාසිතා නිර්මාණ ලොවට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් හොඳම විලාසිතා නිර්මාණකරණයට අනුගත වන කාර්යක්ෂම විලාසිතා සහිත පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීම, සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාමයි. එය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් නොවැම්බර්  12 සහ 13 වන දිනයන්හි ශැන්ග්‍රිලා සහ පෝට්සිටි යන ස්ථානවල  පවත්වනු ලබයි. එහිදි එහි මෙවර තේමාව වුයේ  resort wear collection යන්නයි.

එහිලා ඉතාමත් නම ගිය විලාසිතා ශිල්පීන් වන චලනි සූරියගේ , දර්ශි කීර්තිසේන, සොනාලි දර්මවර්දන, අමිලානි වැනි අයගේ සහබාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ. එහිදි ඔවුන් මෙවර විලාසිතා සදහා නව ප්‍රවේශ වන්නන්ටද අවස්තාව Colombo fashion week හි සිය දක්ශතා එලි දැක්වීමට අවස්තාව ලබාදී ඇත.

මෙය විලාසිතා නිර්මාණකරුවන්ට අනගි අවස්තාවක් වනුයේ ඔවුන් මේ හරහා තම සිවකීය සන්නාමයන් සහිත ඇදුම් නිර්මාණයන් සදහා පාරිභෝගික ඇනවුම් ලබාගත හැකි අතර ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමටත්, ලංකාවේ සිය සන්නාමය ව්‍යාප්ත කිරීමටත් අවස්තාව සැලසීමයි.එහිදි සාර්ථක විලාසිතා නිර්මාණ ශිල්පියෙකු හෝ ශිල්පිනියක ලෙස සිය විලාසිතා නිර්මාණයන් ලොවට දායාද කිරීම උදෙසා ඉතාමත් සාර්ථක ආරම්භයක් ලෙස Colombo fashion week  හදුන්වා දියහැක.
 

Advertiesment